දුටු ගැමුණු රජතුමා

දුටු ගැමුණු රජතුමා

මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය පරිච්ජේද 35කින් විස්තර වෙයි. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රාජ පවුලකින් පැවත ඵන දේවානම්පියතිස්ස රජ සොයුරු මහානාග රජ කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ කැළණිතිස්ස රජ දියණිය වූවිහාරමහා දේවිය ඔහු‍ගේ මෑණියන්ය. පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නගවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු ගාමිණී අභය ලෙසද දෙවැනි තිස්ස ලෙසද නම් කෙරිණ.

විහාරමහා දේවිය

 වයස 16 වන විට තරමක් හිතුවක් කාර වුවද ගාමිණි කුමරු ශක්තිමත්ය. බුද්ධිමත් මෙන්ම රාජකීය නායෙකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සදහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් “ගගෙන් මෙහා භූමිය ප්‍රමාණවත්” යැයි කීමෙනි. මෙහිදි පියා සහ පුතා අතර ඇති වු අදහස් හුවමාරුව අවසානයේ ගාමිණිට - දුෂ්ඨ ගාමිණි ලෙස නමක් පටබැදුනු අතර මිතුරන් සමග මලය දේශයට පලාගියහ. කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු - කන්ඩුල ඇතාද වැන්දඹු බිසව වු විහාර මහා දේවියද තම භාරයට ගෙන තිබුණු තම බාල සොහොයුරා වු තිස්සගෙන් රාජය බලය ආරක්ෂා කරගැනීමට දුටුගැමුණු රජුට අවශ්‍ය විය. දෙදෙනා අතර ‘කුලංගනිය පිත්ති’ නම් ස්තානයේ දී ඇති වු යුද්ධයෙන් දුටුගැමුණු පරාජ විය. ඔහුගේ පිරිසෙන් මිනිස්සු දහස් ගණනක් වැනසුනේය. දුටු ගැමුනුට ‘මහගමට’ පලා යෑමට සිදු විය. එහිදී ඔහු නැවත වරක් සේනා සංව්ධානය කර තිස්සට එරෙහිව නගරය පෙනෙන තෙක් ස්ථානයේ තැනකදී යුද්ධ කළේය. මෙම අවස්ථාවේදි ඔහු ජය ගත්තේය. තිස්ස පලා ගියේ භික්ෂුවකගේ මෘත දේහයක් ගෙන යන ආකාරයට උපක්‍රමයක් යොදා ගෙනයි. මෙම සිද්ධියෙන් ටික කලකට පසුව විහාර මහා දේවියගේ සහ බෞද්ධ භික්ෂුන් මැදිහත් වීමෙන් කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා මිතුරු වී පසුව තිස්ස කුමරු රජුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවට පත්විය.

තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනී මෙන්පසු දුටුගැමුණු උතුර ආක්‍රමණය කිරීමට සැළසුම් කළේය. මෙයට රජරට පමණක් නොව අර්ධ ස්වාධීන පාලන සංස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. ඒ හැරුණු විට සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා භාවනාව බලාපොරොත්තුවෙන් සර්වඥ ධාතු අඩංගු කොතයක්ද ගෙන යන ලදී. මේ සියල්ල හැරුණු විට ඔහුගේ පියා විසින් දිවයිනේ විවිධ පෙදෙස් වලින් කැදවා පුහුණු කල නන්දි මිත්‍ර , සුරනිමල , මහාසේන, ථෙරපුත්තභාය, ගෝඨාභය, භරණ, වයඹ, වේලුසුමන සහ පුස්ස දේව නම් වු දස මහා යොධයින්ද එක්වුහ. මෙම යුද්ධ ව්‍යාපාරයේදී දුටුගැමුණු විසින් දෙමළ පාලකයින් බොහෝ සංඛ්‍යාවක් පරාජය කරනු ලැබුහ. (මහා වංශය අනුව 32 ක් තරම් සංඛ්‍යාවක් ) විජිත නගරය හාර මසක් මුලුල්ලේ වට කිරීමෙන් පසු ආරක්ෂාව සදහා දෙමළ සේනාවෝ උණු දිය හා තාර දුටුගැමුණුගේ ඇතුන්පිට වත් කළහ. මෙම කාලයේදී ඔහු ගැමි ප්‍රධානියෙකුගේ දියණියකු වු රන් එතනා විවාහ කර ගත්තේය. මෙම ගැමි ප්‍රධානියා ඒ වන විට අනුරාධපුරයේ එළාරට තුටු පඩුරු යවමින් සිටි කෙනෙක්. රජුගේ උපාය ශිලි බවත් කණ්ඩුලගේ නිර්භීත භාවයත් යුද්ධයේ ජයග්‍රහණයට ඉවහල් විය. යුද්ධය උච්චස්ථානයට පැමිණියේ අනුරාධපුරයේ නැගෙන හිර දොරටුවේදීය. එහිදි කණ්ඩුල ඇතු අරා සිටි දුටුගැමුණු මහාපබ්බත නම් ඇතු අරා සිටි මහළු එළාර සමග සටන් කොට අවසා‍නයේ හෙල්ලකින් ඇන එළාර ජිවිතක්ෂයට පත් කළේය. මෙම සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් වලින් එකකි.

එළාර - ගැමුණු ගැටුම
අනුරාධපුරයේදී ලත් දුටු ගැමුණුගේ ජයග්‍රහණය පෙර නොවු විරූ තත්ත්වයකට පත්වුයේ සම්පුර්ණයෙන් වාගේ ශ්‍රී ලංකාවේ පාලනය ඔහුට නතු වීම නිසයි. එසේ වුවත් එපමණකින් ඔහුගේ දුෂ්කර තත්වය නිම නොවිනි. ඔහු පරාජයට පත් කල එළාර චෝල අධිරාජ්‍යයෙන් පැමිණි රජ කෙනෙකු වුවත් ඔහු ඉතා යුක්ති ගරුක ධාර්මික රජේකු ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබිණ. දුටු ගැමුණු වෙනත් අයට වඩා වෙනස් මගක් ගෙන මියගිය එළාර රජුට පුජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආදාහනය කර සොහොන් ගෙයක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. තවදුරටත් කියතොත් ඔහුගේ කීරිතිමත් ජයග්‍රහණය ගැන මෙනෙහි කරද්දි ඔහුට සතුටක් නොදැනුනේ ලක්ෂ ගාණක් ජීවිත විනාශ වු හෙයිනි. මෙය සනාථ වන්නේ වංශ කථා වලට අනුව (68 සහ 69 අතර) ඔහු විසින් කළා ගේ සැළකෙන ස්ථුප, විහාර ආරාම, පුජනීය ස්ථාන ඇතුලු අප්‍රමාණ වු ආගමික ගොඩනැගිලි ගැන කල්පනා කරන විටය.

උපුටා ගැන්ම - https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ

Comments

  1. Great article more children very infortan
    www.imperialyalasafari.com yala national park

    ReplyDelete
  2. දුටුගැමුනු යුද්ධය මෙහෙයවපු ආකාරය

    ReplyDelete
  3. Thank you
    මෙය අපගේ අධ්‍යන කටයුතු සඳහා ඉතාමත් වැදගත් වෙනවා.
    👏👏👏👏👏

    ReplyDelete
  4. ගොඩක් හොදයි ☺️

    ReplyDelete
  5. Apita awashya wena honda lipiyak ,thankyou.

    ReplyDelete
  6. THANKS...v.good job...🙏🙏🙏💐

    ReplyDelete
  7. දුටුගැමුණු රජතුමා කළ ස්වා අගය කරන්වා. 💕👌👌👏👏

    ReplyDelete
  8. දුටුගැමුණු රජතුමා කෘෂි කර්මාන්තය වෙනුවෙන් කළ සේවාව ගැන සටහනක් ලබා දෙන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ඉතිහාසය

සිංහල රාජ නාමාවලිය (අනුරධපුර යුගය)